දකුණ හා බස්නාහිර පළාත් සභා මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් කඩදාසි මෙට්‍රික් ටොන් 30 – 40 අතර ප්‍රමාණයක් යොදාගැනීමට බලාපොරොත්තු වන බව රජයේ මුද්‍රණාලයාධිපති පී.එච්.එල්.වී. ද සිල්වා මහතා පැවසීය.
මෙවර මැතිවරණයේදී විදේශවලින් කඩදාසි ඇණවුම් නොකරන බවත්, මුද්‍රණාල දෙපාර්තමේන්තුවේ ගබඩාවල ඇති කඩදාසි ඒ සඳහා යොදාගන්නා බවත් හෙතෙම කීය. සියලු අපේක්ෂකයන්ගේ නාමයෝජනා ලබාදුන් පසු ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු අරඹන බවද ඒ මහතා සඳහන් කළේය.