පවතින ඡන්ද ක්‍රමය වෙනස් කළහොත් සුළු පක්ෂවලට අවාසියක් සිදුවන බව වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පැවසීය.
එබැවින් ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට ආණ්ඩුවේ ප්‍රධානීන් කටයුතු කළහොත් ඊට මුහුණදීම සහා සුළු පක්ෂ සමග මේ දිනවල සාකච්ඡා කරගෙන යන බව ඇමතිවරයා පවසා සිටියේය.
නාරාහේන්පිට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (05දා) පෙරවරුවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.