උඩු මහලක සිට අහිංසක සුනඛයෙකු පහළට වීසිකරන දසුන සහිත වීඩියෝවක් සමාජ ජාලයට එක්කරමින් ප්‍රසිද්ධියක් ලැබීමට ගිය තමිල්නාඩු තරුණයන් දෙදෙනෙකුට එරෙහිව දැඩි විරෝධයක් මතුව තිබේ.
සමජජාල තුළ පොරවල් වීමට උත්සාහ කර ඇති මොවුන් වෛද්‍ය සිසුන් දෙදෙනෙකු බව හඳුනාගෙන තිබේ. කෙසේ වෙතත්, මෙම පුවත මේ වනවිට ඉන්දියාවේ මෙන්ම, ජාත්‍යන්තරයේද දැඩි කතාබහට ලක්වීමෙන් ඔවුන්ට එරෙහිව දැඩි දඬුවම් පැමිණවිය යුතු බවට බොහෝ දෙනා අවධාරණය කර ඇත.
එම වීඩියෝවට අනුව, ඉහළ මහළේ වෙවලමින් සිටින සුනඛයා එක් තරුණයෙකු සිනහ මුසු මුහුණින් දරා සිටින විට අනෙක් තැනැත්තා එම දර්ශනය වීඩියෝ කරන අතර, පසුව ඔහු සුනඛයා පහළට වීසි කරයි. ඒ ම්ලේච්ඡ ක්‍රියාව දරාගත නොහැකි සුනඛයා වේදනාවෙන් කෑමොර දෙන ආකාරයද එම වීඩියෝවේ දැක්වෙයි.
කෙසේ වෙතත්, සත්ව අයීතින් වෙනුවෙන් පෙනී සිටින ඉන්දීය සංවිධාන විසින් මෙම සුනඛයා පසුව සොයාගෙන ඇති අතර, ඒ වනවිටත් ජීවතුන් අතර සිටි සුනඛයාගේ පාද බිඳී ඇති බවත්, එසේ වුවද, එම සත්වයා යන්තමින් වලිගය වනමින් ඔවුන්ට ආචාර කළ බවද කියයි.
මේ අතර, චෙන්නායි පොලීසිය මෙම තරුණයන් වහා අත්අඩංගුවට ගැනීමට සූදානම් වන අතර, ඔවුන් හඳුනාගැනීම සඳහා බොහෝ දෙනෙකු එම දසුන් සිය සමාජජාල හරහා හැකි තරම් ෂෙයාර් කර ඇති බවද කියැවෙයි.
එමෙන්ම, ඉන්දියාවේ මනුෂීය සමාජය විසින් මෙම තරුණයන් පිළිබඳ තොරතුරක් ලබාදෙන්නෙකුට ඉන්දීය රුපියල් ලක්ෂයක ත්‍යාගයක් පිරිනමන බවද වැඩිදුරටත් පැවසෙයි.