මෙරට මාර්ග කිලෝමීටර් 92.84 ක් ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 2.2 ක ප්‍රතිපාදන සැපයීමට චීන සහයෝගීතා බැංකුව එකඟ වී ඇත. නාරංදෙනිය- හක්මන මාර්ගයේ කි.මී. 11.95 ක්, අයලම- එගලඔය මාර්ගයේ කි.මී. 23 ක්, මාවනැල්ල-හෙම්මාතගම, ගම්පොළ මාර්ගයේ කි.මී. 26 ක්, හැටන්- මස්කෙළිය ඩෙල්රූෂ් මාර්ගයේ කි.මී. 31.89ක් මෙසේ ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන සපයයි.
මහා මාර්ග වරාය හා නාවුක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාර්ග 4 ක් ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත් පිරිනැමීමට කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබි ඇත. එසේම එම කොන්ත්‍රාත් ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව මගින්ද නිර්දේශ කර ඇත.