චීනය ශ්‍රී ලංකාවට ශ්‍රේෂ්ඨ මිත්‍රයෙක් වන බවත් ඉන්දියාව අසල්වැසියෙක් මෙන්ම ඥාතියෙක් වන බවත් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර මහතා සඳහන් කරයි. චීන සංචාරයක නිරතවි සිටින අමාත්‍යවරයා ශ්‍රී ලංකාව, ඉන්දියාව හා චීනය අතර පවතින සබඳතා පිළිබඳව අදහස් දක්වමින් මෙම අදහස් දැක්වීය.
ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ චින විදේශ අමාත්‍ය වැන්ග් යේ හා මංගල සමරවීර මහතා ඊයේ (27දා) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මෙම අදහස් දක්වා තිබේ.
එසේම මෙහිදී අදහස් දැක්වූ චින විදේශ අමාත්‍යවරයා සඳහන් කළේථ චීන, ඉන්දියා හා ශ්‍රී ලංකාව අතර ත්‍රෛපාර්ශ්වීය සබඳතා පිළිබඳව චිනයේ අවධානය යොමුව ඇති බවත්, එයට සහාය දක්වන බවත්ය.
එසේම ඉන්දියාව මෙන්ම චීනය ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික සංවර්ධනය පිළිබඳව අවධානය යොමුකර තිබෙන බවත් චීන විදේඹ අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා වර්ධනයක් පිළිබඳව චීනයේ අවධානය යොමුව ඇති බවත් ඒ හරහා දකුණු ආසියාවේ ස්ථාවරත්වයක් ඇතිවිය හැකි බවත් චින විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.