තමිල්නාඩු රජය විසින් තම පියාගේ ඝාතකයන් නිදහස් කිරීමට ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව කනගාටු වන බව ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධිගේ පුත් රාහුල් ගාන්ධි සඳහන් කරයි.
“ඝාතකයන් නිදහස් කිරීමට ගත් ක්‍රියාමාර්ගය ගැන මම කනගාටු වෙනවා. අගමැති ඝාතනය කරන ඝාතකයන් නිදහස් කරනවා. ඉතින් සාමාන්‍ය පුද්ගලයෙක් නීතියේ සාධාරණත්වය ලබාගන්නේ කොහොමද?” යැයි රාහුල් ගාන්ධි සඳහන් කරයි.
“මේ රටේ අගමැතිටවත් සාධාරණය ඉටුවන්නේ නෑ. එයයි මගේ හදවතේ නාදය. මේක මගේ පවුල පිළිබඳ හෝ මා පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. එය සමස්ත රටටම බලපාන කරුණක්” යැයි වර්තමාන ඉන්දියාවේ බලය හිමි කොංග්රස් පක්ෂයේ උප සභාපතිවරයා වන රාහුල් ගාන්ධි පැවසීය.