2014 සහ 2015 යන වසරවලට පුරෝකථනය කළ ගෝලීය ආර්ථික වර්ධන වේගයන් තවදුරටත් පහළ දැමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) කටයුතු කර තිබේ.
එමෙන්ම, ගෝලීය ආර්ථිකය යථාතත්ත්වයට පත්වීම දුර්වල හා විෂම තත්ත්වයක පවතින බවටද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවා තිබේ.
ඒ අනුව, 2014 වසරේ ගෝලීය ආර්ථික වර්ධන වේගය 3.3% ක් ලෙස පුරෝකථනය කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, මීට පෙර 3.4% ක් ලෙස එම පුරෝකථනය සිදුකර තිබුණි.
එමෙන්ම, 2015 වසරේදී 3.8% ක ආර්ථික වර්ධනයක් පුරෝකථනය කර ඇති අතර, එය මීට පෙර පුරෝකථනය කර තිබුනේ 4.0% ක වර්ධනයක් ලෙසිනි.
යුරෝකලාපයේ, රුසියාවේ, මැදපෙරදිග කලාපයේ සහ ජපානයේ ආර්ථිකයන්ගේ දුර්වලතාවන් මෙම පසුබෑමට හේතු වී ඇති බව කියැවෙයි.