ඒකාබද්ධ විපක්ෂයේ අර්බුද ඇතිවෙලා දෙකට තුනට වෙන්වී ඇති බව ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය. ඒකාබද්ධ විපක්ෂය හරියට ගොනා ගොඩට හරකා මඩට වගේ යැයි අමාත්‍යවරයා පැවසූයේ අම්පාරේ පැවති ආහාර නිෂ්පාදන පිළිබඳ ජාතික උත්සවයේදීය. වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේද කීය
මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක ඉදලා උදවුකරපු අය නෙවෙයි හොරකන් කරපු අය තමා හිරේ යන්නේ. ඒක හින්දා ඒ ගණයට නාමල් රාජපක්ෂ මහත්තයත් ඇතුලත් වෙනවා. ඉතින් හොරුන්ට සමාවක් නෑනේ. දැන් ඕගොල්ලෝම දැක්කා මේ මහින්ද රාජපක්ෂ මහත්තයගේ නැන්දම්මගේ ගෙදරට මැණික් ගෝනියක් ගෙනල්ලා දානවා එක දවසක්. තව දවසක ඒක අරන් ගිහිල්ලා සල්ලි ගෝනී දෙකක් ගෙනත් දානවා. ඉතින් මේ රටේ වෙන කාගෙවත් ගෙවල් වලට එහෙම ගෙනත් දාලා ගිහින් තියෙනවද? මේවා කවුද කරන්නේ කොහොමද කියන්නේ කියලා රටේ ජනතාව ඔක්කොම දන්නාවා. මේක තමයි කියන්නේ කන්න ඕන වුනහම කබරයා වුනත් තලගොයා කරගන්නවා කියලා. එහෙම කියලා රටේ ජනතාවගෙන් මේගොල්ලන්ට බේරෙන්න හම්බෙන්නේ නෑ.
මං හිතන්නේ වෙන විකල්පයක් නෑ ඒගොල්ලනට අළුතෙන් පක්ෂයක් පිහිටවනවා ඇරෙන්න. අළුතෙන් පක්ෂ පිහිටවන්න අදහස් කරගෙන ඇති හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක එයාලට ශ්‍රී.ලං.නි.ප. කෑලි කෑලි වලට කඩන්න හම්බෙන්නේ නෑ.