දුරස්ථ පාලයකින් ක්‍රියා කරන, කැමරාවක් සවිකළ නිමුවන් රහිත කුඩා ගුවන් යානයක් අහංගම නාකන්ද ප්‍රදේශයේ ගෙවත්තකට කඩා වැටි ඇත.
අහංගම පොලිසිය පවසන ආකාරයට මෙම ගුවන් යානය අඩි එකහමාරක් පමණ දිග අඩි එකහමාරක් පමණ පළල තටු හතරකින් සමන්විත කුඩා ගුවන් යානයකි.
අහංගම නාකන්දේ පදිංචි ජේ.කේ.අමිල කුමාර මහතාගේ ඉඩමට මෙම කුඩා ගුවන් යානය කඩාවැටී ඇත. 119 දුරකථන අංකයට දැන්වීමෙන් අනතුරුව යානය පොලිස් බාරයට ගෙන ඇත.
මෙම ගුවන් යානයේ පින්තුර හෝ වීඩියෝ පටිගත කර ඇත්නම් ඒවා පරික්ෂා කිරීමට කටයුතු කරන බව අහංගම පොලිසිය පවසයි.
රවිඳු දියගහගේ/හිනිදුම - රවීන්ද්‍ර ශ්‍රීලාල්