ගෙදරට බොරු කී සිසූහු කළුගඟට බිලි වෙති
අමතර පංතිවලට යන බව නිවෙස්වලට පවසා විත් දූවේගොඩ පිහිටි කළුගඟේ ගලේ තොටුපළේ දිය නෑ කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ පාසලේ උසස් පෙළ සිසුහු තිදෙනෙක් ඊයේ (13දා) කළුගඟේ ගිලී මිය ගියහ.
කළුතර විලේගම ඉකිලිකන්දවත්තේ සනිර රමේෂ් ද සිල්වා (අවු.18) හා අංජුල උපේන්ද්‍ර සොයිසා (අවු.17) උතුරු කළුතර පදිංචි බුද්ධික එරංග (අවු.17) යන තිදෙනා මෙසේ මිය ගියහ.
තොටුපළ අයිනේ යතුරු පැදියක් ඇඳුම් හා පොත් බෑග් තිබුණද ගඟේ කිසිවෙකු පෙනෙන්නට නොසිටීම පිළිබඳව සැක සිතු ප්‍රදේශවාසීහු ඒ පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම්දී ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වූ උතුරු කළුතර පොලීසියේ, පොලිස් ජීවිතාරක්ෂක අංශයේ හා කළුතර නාවික කඳවුරේ නිලධාරීහුද එම ස්ථානයට පැමිණ ගඟේ ගිලී සිටි සිසුහු ගොඩට ගනු ලැබූහ. ගොඩ ගන්නා විටත් සිහිසුන්ව සිටි සිසුන්ට ප්‍රථමාධාර ලබා දුන් පොලිස් නිලධාරීහු ඔවුන් කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කළහ.
රෝහලට ගෙන යන විටත් දෙදෙනෙකු මියගොස් සිටි අතර, එක් අයෙක් රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ස්වල්ප වේලාවකින් මිය ගියේය.
.jpg)
.jpg)
කළුතර සුනිල් එස්.තන්ත්රිආරච්චි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
