ගෘහ සේවයට රට යන අයට වැටුප් වැඩි කරන්න කතා කරයි
ගෘහස්ථ සේවය සඳහා විදේශ ගතවන අය වෙනුවෙන් ලබාදෙන අවම වැටුප් ඉහළ නංවා අවම වැටුප් සීමාවක් පැනවීමට තීරණය කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති නීතිඥ නන්දපාල වික්‍රමසූරිය මහතා පවසයි.
මේ සම්බන්ධව විදේශ රැකියා අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි අදාළ රටවල නියෝජිතයන් සමඟ ඉදිරියේදී සාකච්ඡා කරන බවද ඔහු සඳහන් කරයි.
එසේම විදේශගත වීමේදී ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීමටද සාකච්ඡා කරන බවද ඔහු සඳහන් කළේය.
දැනට ඒ ඒ රටවලට අදාළව ක්‍රියාත්මක අවම වැටුප් සීමාවන් වන්නේ, සෞදි අරාබිය රියාල් 900, මැලේසියාව රින්ග්ස් 850, කටාර් රාජ්‍යය කටාර් රියාල් 800, ඩුබායි ඩිරාම් 825, ඊශ්‍රායෙල් ඇමරිකන් ඩොලර් 1000, කුවේට් ඩිනාර් 70, සිංගප්පූරුව ඩොලර් 400, හොංකොං රාජ්‍ය හොංකොං ඩොලර් 4010, ජෝර්දානය ඩිනාර් 250, ඕමානය රියාල් 85, ලෙබනනය ඇමෙරිකන් ඩොලර් 200ක් හා බහරේන් ඩිනාර් 85 ක් වශයෙනි. නව අවම වැටුප් සීමාවන් සංශෝධනය කිරීමෙන් අනතුරුව මෙම සීමාවන් වර්ධනය වී, වැටුප් වැඩිවීමක්ද කාර්යාංශය අපේක්ෂා කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                