රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සේවය කළ ගුවන් හමුදා සෙබෙලෙකුගේ මළ සිරුරක් රත්මලාන ගුවන් තොටුපොළ හංදිය අසළදී සොයාගත් බව පොලීසිය කියයි.
ලේ ගලන තුවාල සහිතව තිබූ මෙම මළ සිරුර අද අලුයමදි සොයාගෙන තිබේ. මිය ගිය සෙබළා අගලවත්තේ පදිංචි 40 හැවැරිදි පුද්ගලයෙකු බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ.