ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට එහි කිසිම සාමාජිකයෙකු කටයුතු නොකරනු ඇති බව තමාට විශ්වාසයැයි අමාත්‍ය ෆයිසර් මුස්තා මහතා පැවසීය. ආණ්ඩුප සමග මෙන්ම විපක්ෂයේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් නියෝජනය කළද කුමන විරෝධතා දැක්වූවද ඔවුන් පක්ෂය දෙකඩ නොකරන බව පවසා ඇති බවත් විරුද්ධ අදහස් දක්වන්නෝ ඉක්මනින් යළි එක්වනු ඇති බවත් අමාත්‍යවරයා පැවසූයේ අද (01දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ සැලුන් දොරක් කියලා මහින්ද රාජපක්ෂ මහත්තයාම කියලා තිබුණනේ. ඉතිං කිසිම කෙනෙක් පක්ෂය කඩන්න වැඩ නොකරාවි. ඒ ගියපු අය ඉක්මනින් ආපසු ඒවි. පාගමන් ගියා කියලා මේ ආණ්ඩුව වට්ටන්න බැහැ. ආණ්ඩුව වගේම විපක්ෂයත් ජනතා වගකීම් ඉටුකරන්න බැඳී සිටිනවා. ආණ්ඩුව පාර්ශ්වයෙන් මේ වගකීම පැහැදිලිව ඉටුකරනවා කියලා අපි වගකීමෙන් කියනවා.