ඊශ්‍රායලය හා පලස්තීනය එකතුව ගාසා තීරයේ පැය 72ක කොන්දේසි විරහිත සටන් විරාමයකට එළැඹ තිබේ.
කෙසේ වෙතත් මෙම සටන් විරාමය ඇරඹී පැය කිහිපයකට පසුව ඊශ්‍රායල් ප්‍රහාරයක් හේතුවෙන් පලස්තීන වැසියන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට චෝදනා එල්ල වෙයි. නමුත්, මෙය පලස්තීන රොකට් ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමක් හේතුවෙන් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයක් බවද කියැවෙයි.
ඒ අනුව, ඊශ්‍රායලය පලස්තීනයට චෝදනා කරන්නේ සටන් විරාමය අතරතුර පවා ප්‍රචණ්ඩක්‍රියාවන්ට ඔවුන් උරදෙන බවයි.
කෙසේ වෙතත් පසුගිය සති කිහිපයේ හා ආසන්න දින කිහිපයේ දක්නට ලැබුණු දැඩි බියකරු බව යම් තරමකට පහව ගොස් මේ වනවිට ගාසා තීරයේ යම් නිහැඬියාවක් පවතින බව එහි සිටින බී.බී.සී. වාර්තාකරු පවසයි.
මේ අතර, සටන් විරාමය අතරතුරදීත් පලස්තීන සටන්කාමීන් ඊශ්‍රායල් කලාපය වෙත රහසේ ඇතුළු වීමට යොදාගන්නා උමං මාර්ගය විනාශ කිරීමේ කටයුතු තමන් සිදුකරන බව ඔවුන් අවධාරණය කර තිබේ.
කෙසේ වෙතත්, ගාසා තීරයේ මේ දක්වා ඇතිවූ ගැටුම්වලින් පලස්තීන ජාතිකයන් 1460ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් බහුතරය සාමාන්‍ය වැසියන් බව කියයි.
එමෙන්ම, ඊශ්‍රායල් ජාතිකයන් 63 දෙනෙකුද ප්‍රහාර හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් බහුතරය හමුදා සොල්දාදුවන් බව කියැවෙයි.