වාද්දුව, දළදාවත්ත මහා විහාරයේ වාර්ෂිකව පෙරහර අද (03දා) රාත්රියේ විදි සංචාරය කරන අතර එය ගාල්ල කොළඹ ප්රධාන මාර්ගයේ වාද්දුව හංදියේ සිට සුදුවැලිමංකඩ හංදිය දක්වා කිලෝමීට 02 ක පමණ දුරක් ගමන් කිරිමට නියමිත ඇත.
මේ හේතුවෙන් කොළඹ සිට ගාල්ල දෙසට ගමන් කරන මංතීරුව හෙට (04දා) අලුයම 01.00 සිට 03.30 දක්වා කාලය තුළ පානදුර වටරවුම අසලින් වාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය කියයි.
ඒ හේතුවෙන් විකල්ප මාර්ග වශයෙන් පානදුර වටරවුම අසලින් හොරණ මාර්ගයේ ගමන් කර බණ්ඩාරගම නගරය හරහා වාඩියමංකඩ හංදියෙන් ගාලුපාරට පැමිණෙන ලෙස පොලීසිය කියයි.