එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති තේරීමේ දී පොදුජණ පෙරමුණේ නගරාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කරවීම සඳහා සිය ඡන්දය ලබාදුන් එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට එරෙහිව පක්ෂය දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බවත් ඔවුන්ට එරෙහිව කඩිනමින් විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කරයි.
''එක්සත් ජාතික පක්ෂය විසින් ජයග්‍රහණය කළ ගාල්ල මහා නගර සභාවේ නගරාධිපති තේරීමේ දී එක්සත් ජාතික පක්ෂයෙන් තේරීපත්වූ සභිකයන් හත් දෙනකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නගරාධිපති අපේක්ෂකයාට පක්ෂව ඡන්දය දෙමින් අප පක්ෂයේ මතයට පටහැනිව ක්‍රියාකර තිබෙනවා. මේ හත්දෙනා ක්‍රියාකළ ආකාරය පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් පවත්වා ඔවුන් සියලු දෙනාට ම එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට දැනටමත් පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ අනුව මේ වනවිටත් අපි අවශ්‍ය කටයුතු කරගෙන යනවා.”
රවී ලියනගේ