නවීන තාක්ෂණය භාවිතයට ගනිමින් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ගෝලීය දර්ශන නැරඹීමට හැකිවන ලෙස නවීකරණය කරනු ලැබූ ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය අද (05දා) විවෘත කෙරිණි.
තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශ ලේකම් ධාරා විජයතිලක මහත්මියගේ ආරාධනයෙන් විද්‍යා කටයුතු පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පී. ඩබ්. ඈපාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නැරඹුම් දර්ශන සඳහා විවෘත කෙරුණු අතර, මෙතෙක් ක්‍රියාත්මක වූ ඇනලොග් තාක්ෂණයෙන් ඉවත්වී ඩිජිටල් ගෝලීය ප්රක්ෂේපණ යන්ත්‍රවලින් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය නවීකරණය වී තිබේ.
මෙම නව තාක්ෂණය මගින් විශ්වයේ විවිධ අවස්ථා හා සිදුවීම් දර්ශනය කළ හැකි අතර තාරකා විද්‍යාව පමණක් නොව නොයෙක් අධ්‍යාපනික වැඩසටහන් ඕනෑම වයසකට සරිලන පරිදි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. දිනකල සතියකල මාසයකල වසරක හෝ වසර දස දහස් ගණනක අහස ග්‍රහලෝකාගාරය තුළ දර්ශනය කළ හැකි අතර අක්ෂාංශ හා දේශාංශ වෙනස් කිරීමෙන් ඕනෑම රටකට ඕනෑම වෙලාවක පෙනෙන අහසක් ග්‍රහලෝකාගාරය තුළ සිට දැකබලා ගැනීමට නව තාක්ෂණය ඔස්සේ හැකියාව ලැබේ.
මහජනතාව උදෙසා 2014 දෙසැම්බර් මස 09 වැනිදා සිට නැරඹුම් දර්ශන ආරම්භ කෙරෙන අතර පෙ.ව. 10.00 ට හා ප.ව. 2.00 ට දර්ශන පවත්වනු ලැබේ. ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය ආසන 570 ක පහසුකමින් යුක්ත වන අතර සතියේ අඟහරුවාදා දින සිට සිකුරාදා දිනවල පෙ.ව. 10.00 ටල ප.ව. 2.00 ට හා ප.ව. 4.00 ට පාසල් දර්ශන පැවැත්වේ. ඉරිදා සඳුදා හා රජයේ නිවාඩු දිනවල ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය වසා තැබේ.