මාස 03ක් පමණ වයසැති වන අලි පැටවෙකු කිසියම් පිරිසක් ගෙනයෑමට දැරූ උත්සාහයක් හම්බෙගමුව ගම්වාසීන්ගේ ක්ෂණික මැදිහත්වීමෙන් ව්‍යවර්ථ වී ඇතැයි තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය පවසයි.
වනාන්තරයෙන් අල්ලාගත් මෙම අලි පැටවා වනාන්තරයේම ගසක ගැටගසා තිබී ඇති අතර, ඒ පිළිබඳව ගම්වාසීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම්දී තිබේ.
ඉන් අනතුරුව උඩවලව කල්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් ඊයේ (02දා) සවස එම ස්ථානයට ගොස් අලි පැටවා ඔවුන්ගේ භාරයට ගෙන තිබේ.
අලි පැටවා ගෙන යෑමට සැලසුම් කළ පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා හම්බෙගමුව පොලීසිය පරීක්ෂණ පවත්වයි. ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද මේ ගැන පරීක්ෂණයක් සිදුකරයි.
අලි පැටවා පශු වෛද්‍යවරයෙකුට යොමුකිරීමෙන් අනතුරුව උඩවලව ඇත්අතුරු සෙවණට ලබාදෙන බව කල්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීහු පවසති.