යහපාලන ආණ්ඩුවේ මංගල අයවැය අද පාර්ලිමේන්තුවේදී බහුතරයකින් සම්මත වු අතර අයවැයට විරුද්ධවුයේ ජනතා විමුක්ති පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කොටසක් පමණී.
සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ ඡන්දය විමසන අවස්ථාවේ මන්ත්‍රීවරුන් එයට සහභාගීවන්නේ පක්ෂයි හෝ විපක්ෂයි යැයි පවසමිනි.
නමුත් අද ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් අයවැයට ඡන්දය ප්‍රකාශකිරීමේදී නව ක්‍රමයක් අනුගමනය කළහ. එනම් අයවැයට විරුද්ධ වීමට හේතුකියා විපක්ෂයි යැයි කීමය. එසේ ප්‍රකාශකිරීම ආරම්භකරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනය. ඔවුන්ගේ හේතුපාඨයන් සමහරක් මෙසේ විය
පාසල් නිළඇදුම නැ - විරුද්ධයි
විදුලි කාර්වලට බදු වැඩියි - විපක්ෂයි
ඉලක්කම් පට්ටපල් බොරු - විපක්ෂයි
ඩීල් අයවැයට විරුද්ධයි
සහන මොකුත් නැ - විපක්ෂයි
තේ හිමියා අනාථායි- විරුද්ධයි
වී මිල පහත දැම්මා - විපක්ෂයි
අදී ලෙසයට. හේතු දැක්වීමට අවශ්‍ය නොවන බවත් පක්ෂ හෝ විපක්ෂ බව පමණක් ප්‍රකාශකරන ලෙසත් මෙම මන්ත්‍රීවරුන්ට කථානායක කරු ජයසුරිය මහතා දෙවරක්ම නියෝග කළේය. නමුත් මන්ත්‍රීවරුන් එය නතර නොකළ අතර මෙලෙස පිළිතුරු දීම හේතුවෙන් සභාවේ පක්ෂ විපක්ෂ සියල්ලෝම එකසේ විනෝද වුහ.
විපක්ෂයෙන් එසේ පවසන විට ආණ්ඩුපක්ෂයෙන් ඒවාට ප්‍රතිඋත්තර හෝ හූ හඩ නැගුණි. කෙසේවෙතත් විපක්ෂයේ විමලවීර දිසානායක මන්ත්‍රීවරයා අයවැයට ඡන්දය දුන්නේ මෙලෙසිනි.
ගමට යන්න බැරි නිසා විරුද්ධයි විරුද්ධයි විරුද්ධයි
යනුවෙන් පවසමිනි. මෙම ප්‍රකාශයට සභාවේ සියල්ලෝම මහ හඩින් සිනාවුහ.