තණමල්විල ප්රදේශයේ සිට කොට්ටාව, හෝමාගම, මහරගම, බොරලැස්ගමුව ආදී ප්රදේශවලට ගංජා තොග වශයෙන් ප්රවාහනය කරන පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (01දා) රත්රීයේදී කොට්ටාව පොලීසියේ ප්රජා පොලිස් ඒකකය විසින් අත්අඩංගුවටගෙන තිබේ.
මොවුන් සතුව තිබූ බෑගයක් පරීක්ෂා කිරීමේදී ගංජා පාර්සල් දෙකක් සොයාගෙන ඇති අතර, එහි තිබූ කිලෝග්රෑම් 2.210ක ගංජා අත්අඩංගුවට ගැනීමටද හැකිවී තිබේ. සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු යුදහමුදා දහවැනි පාබල රෙජිමේන්තුවේ කෝප්රල්වරයෙක් වූ ආබාධිත සෙබළෙකු හා අනිත් පුද්ගලයා අවුරුදු 54 ක් වයසැති බොරලැස්ගමුව ප්රදේශයේ විවාහක පුද්ගලයෙකි. මොවුන් අද (2දා) හෝමාගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
තිලක් ඇල්විටිගල