ජාතික කෞතුකාගාරයේ සිදුවු සොරකම සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ සම්බන්ධයෙන් තමාගේ එතරම් පැහැදීමක් නොමැති බවද එහිදී නැතිවු භාණ්ඩ වලින් අඩක් පමණ මේ වනතුරුම සොයාගෙන නොමැති බවද සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක මහතා පැවසීය. පොලීසිය මේ සම්බන්ධයෙන් දැඩි වෙහෙසක් ගත්තද තවමත් ප්‍රධාන අපරාධකරුවා සොයාගැනීමට නොහැකි වුයෙන් මේ පිළිබඳ පරීක්ෂණ කඩිනම් කරන මෙන් තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමට බලාපොරොත්තුවන බවද අමාත්‍යවරයා පැවසුයේ අද අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදීය.