ඇමෙරිකානු මෙරීන් භටයන් ඉරාක සටන්කාමින්ගේ මළ සිරුරු වෙත පෙට්ට්‍රල් දමා ගිනි තබන ආකාරය ඇතුළු තවත් පිළිකුලෙන් හෙළාදැකිය යුතු සිදුවීම් රැගත් ඡායාරූප 41 ක් TMZ වෙබ් අඩවිය විසින් අනාවරණය කර තිබිණි.
එම වෙබ් අඩවිය පෙන්වාදෙන පරිදි මෙම ඡායාරූප 2004 වසරේදී ඉරාකයේ, ෆලූජා නගරයේදී ගන්නා ලද ඡායාරූපයි. මෙහි දැක්වෙන ඡායාරූප ද්විත්වයක ඇත්තේ මෙරීන් භටයෙකු විසින් පෙට්ට්‍රල් හෝ ඒ හා සමාන ඉන්ධනයක් ඉරාක සටන්කාමීන් දෙදෙනෙකුගේ මළ සිරුරු මතට වත්කරන ආකාරයයි. එහි තවත් ඡායාරූප දෙකක දැක්වෙන්නේ ගිනිගෙන දැවෙන මළ සිරුරුයි. ඉන් අනතුරුව ඇති ඡායාරූපවල ඇත්තේ අඟුරු බවට පත්ව ගිය මනුෂ්‍ය ශරීරයන්ය.
අඟුරු බවට පත්ව ගිය මළ සිරුරු අසළ සිනහමුසු මුහුණින් සිටින මෙරීන් භටයෙකු රැගත් ඡායාරූපයක් මෙන්ම, මළ සිරුරක කලිසම් සාක්කුව අදිමින් පිරික්සන හමුදා භටයන්ද ඡායාරූප අතර දැකිය හැකිය. කෙසේ වෙතත් මේ ඡායාරූප සියල්ලම ප්‍රසිද්ධ මාධ්‍යයක පළ කිරීමට තරම් නොහැකි බැවින් ඉන් කිහිපයක් පමණක් පළ කෙරුණු බවද TMZ වෙබ් අඩවිය පෙන්වා දෙයි.
එමෙන්ම, ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ ඡායාරූප සියල්ල පෙන්ටගනයට භාරදුන් බවයි. මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන්නේ යැයි පෙන්ටගනය කියා සිටි බවද වෙබ් අඩවිය වැඩිදුරටත් පවසයි.
TMZ වෙබ් අඩවිය ඇසුරෙනි