ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් කොළොන්නාව ජනතාවට අත්තිකාරම් ගෙවීම සඳහා රු.මිලියන 380ක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වෙත අදම ලබාදෙන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
මුදල් අමාත්‍යවරයා මෙසේ කියා සිටියේ, නාරාහේන්පිට පිහිටි කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (16දා) පෙරවරුවේ පැවැති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි.
ඒ අනුව, අද පස්වරුව වනවිට අදාළ මුදල් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වෙත යැවීමට පියවර ගන්නා බවත්, විපතට පත් ජනතාවට සහන සැලසීම ප්රමුඛ කොට සැලකිය යුතු අතර, අවශ්‍ය මුදල් ලබාදීමේ කිසිදු බාධාවක් නොමැති බවද අමාත්‍යවරයා පවසා සිටියේය. එමෙන්ම, ඒ සඳහා රු.10,000/- ක අත්තිකාරම් මුදලක් ප්‍රමාණවත් නොවේ නම්, එය සුදුසු ප්‍රමාණයකින් ඉහළ නැංවීමට වුවද හැකි බවත් හෙතෙම පවසා සිටියේය.