කොළොන්නාව ආසනයට විශේෂ ආරක්ෂක බළකාය යොදවා දැඩි මෙහෙයුමක් සිදුකර, එම ප්‍ර‘දේශයෙන් මත්කුඩු ජාවාරම අතුගා දැමීමට කටයුතු කරන්නැයි කොළොන්නාව නගර සභාව හා කොටිකාවත්ත - මුල්ලේරියාව නගර සභාව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.
කොළොන්නාව මත්කුඩු ජාවාරමේ ඉතිහාස කතන්දරය දන්නා පාක්ෂිකයන් විශාල කලකිරීමකට ලක්ව ඇති බවත්, එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිතකර නොවන්නක් යැයිද එම මන්ත්‍රීවරු පිරිස පෙන්වා දෙති.එබැවින් වහාම මෙම කාරණයට අවධාරණය යොමුකරන ලෙසත්, කඩිනමින් විසඳුමක් අපේක්ෂා කරන බවත්, මෙම මන්ත්‍රී පිරිස පවසා තිබේ.
කොළොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත, කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රා‘දේශීය සභාවේ උප සභාපති සුමුදු රුක්ෂාන් ඇතුළු මන්ත්‍රීවරැන් 12 දෙනෙකුගේ අත්සනින් යුතු මෙම ලිපිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙතද, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතද පෙරේදා ( 18 දා) දින යොමු කර තිබුණි.
එමගින් ඔවුන් පවසන්නේ කොළොන්නාව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ආර්. දුමින්ද සිල්වා මහතා මත්කුඩු ජාවාරමට සම්බන්ධ බවට විවිධ තරාතිරමේ පුද්ගලයන් ගෙනයන ප්රචාරාත්මක වැඩපිළිවෙළ නිසා පක්ෂයට හා මන්ත්‍රීවරයාගේ ප්‍රතිරූපයටද විශාල හානියක් ගෙනදී ඇති බවයි.
දුමින්ද සිල්වා මහතා කොළොන්නාව ආසනයට ඒමට ප්‍රථම එහි සිටි ඇමති වීරසිංහ මල්ලිමාරච්චි, නියෝජ්‍ය ඇමති නාවලගේ බෙනට් කුරේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර යන අයගේ කාලසීමාව තුළදීද කොළොන්නාව පුරා මත්කුඩු ජාවාරම ව්‍යාප්තව තිබූ ආකාරය මෙම මන්ත්‍රී පිරිස පෙන්වා දෙති.
වීරසිංහ මල්ලිමාරච්චි මහතාගේ නිවසට කිලෝමීටර් භාගයක් දුරින් හා භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ නිවසට මීටර් 200 ක් දුරින් පිහිටි කොළොන්නාව මංසන්ධියෙන් 'සිංහපුරය' නම් ගමට 90 දශකයේදී කුඩු පුරය ලෙස නම් පටබැඳි තිබුණද එවකට සිටි නායකයන් අන්ධයන් සේ කටයුතු කළ බව ලිපියේ සඳහන් කර ඇත.
දුමින්ද සිල්වා මහතා නිවැරදිකරුවෙකු ලෙසට උදාහරණ සපයමින් ඉකුත්දා පැවති කොළොන්නාව සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සියලු පොලිස් නිලධාරීන් අමතා මත්කුඩු ජාවාරමට සම්බන්ධ අය අත්අඩංගුවට ගත්පසු කවුරු කීවත් නිදහස් නොකරන ලෙසට පැවසූ බව ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රී පිරිස පවසති.
මෙවැනි තත්ත්වයක් තුළ මත්කුඩු ජාවාරමට දුමින්ද සිල්වා මහතාගේ නම ඈඳා තිබීම නිසා පක්ෂයට විශාල හානියක් වන බවත්, එය නිවැරදි කිරීමට විශේෂ කාර්ය බළකාය යොදා විශේෂ මෙහෙයුමක් දියත් කරන ලෙසත්, ඔවුහු සඳහන් කරති.
මෙම ලිපියට කොළොන්නාව නාගරික මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්.ඒ. සුදත් සේනක, ඒ.කේ. චින්තක මුතුකුමාරණ, ප්‍රින්ස් ගුණසේකරද කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රා‘දේශීය සභ මන්ත්‍රීවරුන් වන ඉසුරැ පෙරේරා, ඒ. සෆීර්, අජිත් ගුණසේකර සොයිසා, රංජිත් සූරියආරච්චි, ඩබ්ලිව්. රචිත ප්‍රියංකර, රංගජීව ජයසිංහ, ඉඳුනිල් ජගත් කුමාර යන අය අත්සන් තබා තිබුණහ.