කොළඹට පක්ෂ 22 ක් නාමයෝජනා දෙයි
මෙවර මහමැතිවරණය සඳහා කොළඹ දිස්ත්රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 22 ක් හා ස්වාධීන කණ්ඩායම් 16 ක් නාමයෝජනා බාදුරන් බව කොළඹ දිස්ත්රික් ලේකම් කමල් පත්මසිරි මහතා පැවසීය.
මේ අතරින් ඔක්කෝම වැසියෝ, ඔක්කොම රජවරු දේශපාලන පක්ෂයේ සහ ස්වාධීන කණ්ඩායමක නාමයෝජනා ප්රතික්ෂේප වූ බව හෙතෙම කියා සිටියේය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන නාමයෝජනා ලැයිස්තුවට එක් විරෝධතාවක් ඉදිරිපත් වුවද එය පාර්ලිමේන්තු පනත අනුව සැලකිය නොහැකි බැවින් ඉවත් කළ බව දිස්ත්රික් ලේකම්වරයා ප්රකාශ කළේය.
මේ අතර අද දිනයේදී කොළඹ දිස්ත්රික්කය සඳහා යහපාලන එක්සත් ජාතික පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, බොදු ජන පෙරමුණ ඇතුළු ප්රධාන දේශපාලන පක්ෂවල නායකයෝ නාමයෝජනා බාරදීමට පැමිණියහ.
දිස්ත්රික් ලේකම් කාර්යාලයට ඇතුළුවීමට අවසර ලැබී තිබුණේ කිහිපදෙනෙකුට පමණක් බැවින් හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ඇතුළු අපේක්ෂකයන් දොරටුව අසල දී ඊට විරෝධය පළ කරන ආකාරයක් දක්නට ලැබුණි.
.jpg)
ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

