පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂව මෙමවසරේ මැයි මාසයේදී කොළඹට වරායට පැමිණි සමස්ත නැව් සංඛ්‍යාව 14.1% කින් ඉහළ ගොස් තිබේ. වරාය සහ නාවික අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ඒ බව අනාවරණය විය. වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති එම ප්‍රගති සමාලෝචන රැස්වීමට ඉදිරිපත් කළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වුණේ 2014 මැයි මාසයට සාපේක්ෂව මේ වසරේ මැයි මාසයේදී කොළඹ වරාය මෙහය වූ බහළුම් සංඛ්‍යාවද 3.5%කින් ඉහළ ගොස් ඇති බවය. පසුගිය වසරේ මැයි මාසයට සාපෙක්ෂව මෙහෙයවූ නැව් බඩු මෙට්ට්‍රික් ටොන් ප්‍රමාණයද මේ වසරේ මැයි මාසයේදී 4. 8%කින් ඉහළ ගොස් තිබේ.