රාජ්‍ය ආයතන රුසකට අයත්ව තිබෙන ඉඩම් අක්කර 65 ක් පමණ කිසිදු අයකිරීමකින් තොරව නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.මෙම ඉඩම් අක්කර 65ක භූමි ප්‍රමාණය කොළඹ නගරයේ විවිධ ස්ථාන 17ක පිහිටා තිබේ.
පසුගිය පෝය දිනයේ දී(16දා) පැවති කැබිනට් හමුවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මීට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.නාගරික සංවර්ධන අධිකාරියේ කොළඹ නගර සංවර්ධන සැලැස්ම යටතේ විවිධ ව්‍යාපෘති සඳහා මෙම ඉඩම් ලබාදෙනු ඇත.
මෙම ඉඩම් කොළඹ නගරය තුළ විවිධ ස්ථානවල පිහිටා ඇති අතර, ඒවා විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා භාරදීමට නියමිතය. මේවා දැනට රජය සතු ඉඩම් වන අතර, බොහෝමයක් ඒවා පාවිච්චි නොකරන තත්ත්වයක් යටතේ පවතින ඒවා වන අතර ඇතැම් ඉඩම් සංවර්ධන කටයුතු සඳහා දැනටමත් යොදවනු ලැබූ ඒවාය.