ඉන්දීය මැතිවරණයෙන් නරේන්ද්‍ර මෝඩි හා ජයලලිතා ජයරාම් ලබාගත් ජයග්‍රහණය පිළිබඳව කොටි හිතවාදී දෙමළ ඩයස් පෝරාව උදම් අනමින් සිටින බව වාර්තා වෙයි. තමිල්නාඩුවේ බලය නැවතත් ජයලලිතාට හිමිවීම පිළිබඳව ඔවුන් තුළ විශාල සතුටක් ඇති කරන්නක් බවට පත්ව ඇති බවත් සඳහන් වෙයි.
මේ හරහා තවදුරටත් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කළ හැකි බව ඔවුනගේ අදහස වි තිබේ. දමිල ජනතාව හා ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග නව ඉන්දීය රජය තිරණාත්මක වශයෙන් කටයුතු කරනු ඇති බව දෙමල ඩයස් පෝරාවේ අදහස වී තිබේ.