කේම්බ්‍රිජ් ආධිපාදවරිය හෙවත්, බ්‍රිතාන්‍යයේ විලියම් කුමරුගේ බිරිඳ වන කෙට් කුමරිය සිය දෙවැනි දරුවා බලාපොරොත්තු වන බවට උණුසුම් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරටින් ලැබෙන වාර්තාවන්ට අනුව රැජින මෙන්ම රජ පවුලේ උදවිය සහ කේට් කුමරියගේ පවුලේ උදවියත් මෙම පුවතින් උද්දාමයට පත්ව ඇති බව පැවසෙයි.
සිය කුළුඳුල් දරුවා වූ ජෝජ් කුමරු ලැබීමට ඇය ගැබ්ගත් අවස්ථාවේදී කේට් කුමරිය නිරන්තරයෙන් රෝගාතුර වූ අතර, ඇයට කෙන්සිංග්ටන් මාලිගයේදී ප්‍රතිකාර කළේය.
මේ අතර, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තමන්ද මෙම පුවතින් උද්දාමයට පත්වන බවයි.