කෙන්යාවේ, වෙරළාසන්න නගරයක් වෙත අල්-ෂබාබ් අන්තවාදී ඉස්ලාමීය ත්රස්තයන් විසින් එල්ල කළ ම්ලේච්ඡ ප්රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 48 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව කෙන්යානු බලධාරීන් උපුටා දක්වමින් බී.බී.සී.ය පවසයි.
ම්පෙකෙටොනි නගරයේ හෝටල් සහ පොලිස් ස්ථානය ඉලක්ක කරමින් මෙම ප්රහාරය එල්ල වී ඇති අතර, පැය කිහිපයක වෙඩි හුවමාරුවක් මෙන්ම, ගොඩනැගිලි ගිනිබත් කිරීමක් සිදුව ඇති බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
2011 වසරේදී අසල්වාසී සෝමාලියාවේ අල්-ෂබාබ් ත්රස්තයන් එරෙහිව සටන් වැදීම වෙනුවෙන් කෙන්යානු හමුදා පිටත්ව යෑමත් සමග එදා සිට මේ දක්වා අවස්ථා කිහිපයකදීම අල්-ෂබාබ් අන්තවාදී ඉස්ලාමීය සටන්කරුවන් විසින් කෙන්යාව තුළ ම්ලේච්ඡ ප්රහාර දියත් කරමින් සිටී.
කෙන්යාවේ, නයිරෝබි නුවර වෙස්ට්ගේට් සාප්පු සංකීර්ණය ඉලක්ක කරමින් පසුගිය සැප්තැම්බර් මාසයේදී අල්-ෂබාබ් ත්රස්තයන් මීට පෙර එල්ල කළ ප්රහාරයෙන් පුද්ගලයන් 67 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, එම ප්රහාරයෙන් පසු කෙන්යාව ඉලක්ක කරමින් අල්-ෂබාබ් ත්රස්තයන් එල්ල කළ දරුණුතම ප්රහාරය මෙය බව කියැවෙයි.