කෙන්යාවේ ගරිස්සා විශ්වවිද්‍යාලය ඉලක්ක කරමින් අල්-ෂබාබ් ඉස්ලාමීය අන්තවාදීන් එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 148 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙවැනි ප්‍රහාරයක් පිළිබඳ අනතුරු ඇඟවීම් තිබියදීත් එය නොසලකා හැරීම සම්බන්ධයෙන් මේ වනවිට බලධාරීන්ගෙන් ප්‍රශ්න කෙරෙමින් පවතී.
එරට පුවත්පතක් පෙන්වා දෙන පරිදි කේනයානු බුද්ධි අංශ වෙත පාසලක් හෝ විශ්වවිද්‍යාලයක් ඉලක්ක කරමින් අල්-ෂබාබ් ප්‍රහාරයක් දියත් වන බවට තොරතුරු ලැබී ඇති බව කියැවෙයි.
ඒ අනුව, දේශසීමා ආශ්රිත මෙම ආයතනය වෙත ආරක්ෂාව තර නොකර ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු පමණක් රැඳවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙයි.
ප්‍රහරය මැඩපැවැත්වීමෙන් පසුව විශ්වවිද්‍යාලය තුළ ජීවතුන් අතර සිටි පුද්ගලයන් සිවු දෙනෙකු හමුවී අති අතර, ඉන් දෙදෙනෙකු ප්‍රහාරයට පැමිණි ත්රස්තවාදීන් බව කියැවෙයි. ඉන් අයෙකු ටැන්සානියානු ජාතිකයෙකි.
ප්‍රහාරයෙන් මියගිය වැඩි දෙනා විශ්වවිද්‍යාල සිසුන් බවත්, ඒ අතර පොලිස් හා හමුදා නිලධාරීන් තිදෙනෙකු බැගින් සිටින බවත් එරට වාර්තා පෙන්වා දෙයි.
විශ්වවිද්‍යාලයට කඩා වැදුණු ඔවුන් ක්‍රිස්තියානි සිසුන් සොයමින් ඔවුන්ට වෙඩි තැබූ බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
ප්‍රහාරය පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කර ඇති ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙවැනි ම්ලේච්ඡ ප්‍රහාරයක් වචනයෙන් පමණක් හෙළා දැකිය නොහැකි බවයි.
මේ අතර, කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා විසින් රටේ ආරක්ෂාව තරකිරීම සඳහා හමුදාව වෙත තවත් අලුතින් 10,000ක් කඩිනමින් බඳවා ගැනීමට උපදෙස් ලබාදී ඇත.