ශ්රී ලංකා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදින සහකාර සේවයේ නියතු සේවකයන්ගේ ගැටලු විසඳීමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් එයට විරෝධය හා එළඹෙන 15 වැනිදා සිට සේවයෙන් ඉවත් වී සිටීමට ඔවුන් තීරණය කර ඇත.
කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර රාජකාරී බල ප්රදේශය තීරණය කිරීමේ පදනම් විරහිත බව අක්කර බඳු අය කිරීම හා ඊට අදාළ ගැටලු නොවිසඳීම හා ගොවිජන බැංකුවල ගැටලු යන ප්රධාන ගැටලු විසඳීමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් ඔවුහු මෙසේ සේවයේ ඉවත්ව සිටීමට සූදානමින් සිටිති.