මිනිස් පාරිභෝජනයට නුසුදුසු ලූනු ජනතාවට අලෙවි කරන ජාවාරමක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළදී දඹුල්ල මහනගර සභාවේ විපක්ෂ නායකවරයා අද (19දා) හෙළිකර ගත්තේය.
මෙම ලූනු පදවිය ප්‍රදේශයට රැගෙන යාමට නියමිතව තිබුණි. විපක්ෂනායක නායක තිස්ස බණ්ඩාර හේරත් මහතා මෙම ලූනු තොගය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දීමෙන් පසු ඔහු විසින් මේ සම්බන්ධයෙන් විභාගයක් නොකර ජාවාරම්කරු නිදහස් කර කුණු ලූනු තොගය ලබාගත් කුණු ටැංකියටම දමන ලෙස දැනුම් දී එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.