ත්රිකුණාමලය කුඩ්ඩිවෙලි ප්රා‘දේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිව සිට යුද්ධයෙන් නිවාස අහිමි වූ පවුල් 41 සඳහා වෙන් කළ ඉඩමෙන්, ඉඩම් අක්කර 03ක ප්රමාණයක් ප්රබල දේශපාලඥයෙකු විසින් මංකොල්ල කා ගැනීමට උත්සාහ කරන බව කුඩ්ඩිවෙලි ප්ර‘දේශයේ නැවත පදිංචි කළ නිවාස හිමියන්ගේ සුබසාධක සමිතිය සඳහන් කරයි.
1985 වසරේදී එම ප්ර‘දේශය ආශ්රිතව පැවති යුදමය තත්ත්වය මත ප්ර‘දේශය හැරගිය පවුල් 47 ක් යුද්ධය අවසන් වූ පසු නැවත තම පදිංචිව සිටි ඉඩම්වලට පැමිණි බවත්, එහෙත් ඒ වන විට ඔවුන්ගේ ඉඩම්වල වෙනත් පිරිස් පදිංචිව සිටි බවත් එම සංගමයේ සභාපති එම්.ජී. ප්රියන්ත මහතා සඳහන් කළේය.
මෙලෙස නැවත ගම්බිම් බලා පැමිණි පිරිස්වලට ඉඩම් ලබාදෙන තෙක් තාවකාලික නිවාසවල පදිංචි කිරීමට කටයුතු කළ බවත්, එම පිරිස් නැවත පදිංචි කිරීම සඳහා කුඩ්ඩිවෙලි ප්රා‘දේශීය ලේකම් කොට්ඨාසයේ කුඹුරුපිටිය ප්ර‘දේශයෙන් ඉඩමක් වෙන්කළ බවද පවසා සිටියේය.
එම ඉඩමේ මුලින්ම පවුල් 17 ක් පදිංචි කළ අතර, එක් පවුලකට පර්චස් 20 බැගින් ලබාදුන් බවත්, ඉතිරි පිරිස් පදිංචි කිරීම සඳහා එම ස්ථානයෙන්ම තවත් ඉඩම් අක්කර 03 ක් වෙන් කළ බවද සභාපතිවරයා සඳහන් කළේය.
2013 වසරේ මෙම ඉඩම වෙන් කළත් එම කොටසේ තවමත් නිවාස ඉඩම් අහිමිවූවන් පදිංචි කිරීමට කටයුතු නොකළ බැවින් මේ වනවිට එම ඉඩම් අක්කර 03 ප්ර‘දේශයේ ප්රබල දේශපාලඥයෙකු අත්පත්කර ගැනීමට සැලසුම් කරන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.