කිරි මුදවා ගැනීම සඳහා ඇතැම් පිරිස් යූරියා භාවිත කරන බවට සහ කරවල වියළීම සඳහා ඇතැමුන් පෙට්‍රල් භාවිත කරන බවට හෙළි වී ඇතැයි විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සඳහන් කරයි.
මීට අමතරව බොහෝ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනයට පෝමලින් හෝ විෂ සහිත රසකාරක භාවිත කරන බවට හෙළි වී තිබෙන බවත්, මේ නිසා වස විසෙන් තොරව පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳව විදාතා මද්‍යස්ථාන හරහා ව්‍යවසායකයන් දැනුවත් කිරීමට සහ පුහුණුව ලබාදීමට කටයුතු කරන බවත් රේණුකා අමරසිංහ මහත්මිය සඳහන් කළාය.
විදාතා හරිත කඩමණ්ඩිය පැවැත්වීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ (24දා) පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවේදී මේ බව සඳහන් කළ අතිරේක ලේකම්වරිය වැඩිදුරටත් පවසා සිටියේ ලංකාව පුරා පිහිටා තිබෙන විදාතා මධ්‍යස්ථාන 266 හරහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.
මෙම වැඩසටහන තුළදී ජාතික මට්ටමේ තාක්ෂණය ගමට රැගෙන යන බවත්, ගම තුළ තිබෙනා සාම්ප්‍රදායික තාක්ෂණය නවීන තාක්ෂණය සමග එකතු කර නව තාක්ෂණික ක්‍රම හඳුන්වා දෙමින් ඒ හරහා නව නිපැයුම් සිදුකිරීම අපේක්ෂාව බවද අතිරේක ලේකම්වරිය සඳහන් කළාය.
මේ වන විට විදාතා මධ්‍යස්ථානය හරහා මෙම වැඩපිළිවෙළ සිදුකරන ව්‍යවසායකයන් දිරිගැන්වීමට සහ ඔවුන් නිෂ්පාදනය කළ භාණ්ඩ ජනතාවට හඳුන්වාදීමට විදාතා හරිත කඩමණ්ඩිය 2015 නමින් වෙළෙඳ ප්‍රදර්ශනයක් පවත්වන බවද ඇය කියා සිටියාය.
මෙම ප්‍රදර්ශනය මෙම මස 26, 27 ,28 යන තෙදින තුළ කොළඹ නිදහස් මාවතේ පිහිටි කාර්මික තක්ෂණික ආයතන පරිශ්‍රයේදී පවත්වන බවද අතිරේක ලේකම්වරිය සඳහන් කළාය.