"උතුරේ මහඇමතිත්, සමහර අන්තවාදී දේශපාලන පිරිසක් එක්ව උතුරේ යාපනයේ හර්තාල් ව්‍යාපාරක් සංවිධානය කරලා තිබුනා. ඇත්තෙන්ම මේ රජය මේ රටේ සංහිදියාවක් ඇති කරන අවස්ථාවකදීසංහිදියාවට විරුද්ධව අන්තවාදී දේශපාලන ව්‍යුහයක් තමයි මේ කටයුතු කරන්නේ. එයාලා මොන ඉල්ලීම් කරත් උතුරේ හමුද කදවුරු ඉවත් කරන්න අපි එකග වෙන්නේ නෑ" යැයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා රංටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේදී ඊයේ (25) ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අමාත්‍යවරයා මෙසේ පැවසීය. “උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන්න, පන්සල් හදන්න එපා, විජාතිකයන් පදිංචි කරන්න එපා කියලා ඉල්ලීම් කරලා උතුරේ හර්තාල් යනවා. රජයක් හැටියට අපි සංහිදියාව ක්‍රියාත්මක කරනවා. අපේ ජනාධිපතිතුමාත් අග්රාමාත්යතුමාත් එක්ව මේ රජය ජාතීන් එකමුතු කරගෙන මේ රට සංවර්ධනය කරලා සංවර්ධනයේ ප්රතිලාභ රටේ ජනතාව හට ලබාදීම අපේ අරමුණ.
රටේ සාමය ආරක්ෂා කරගෙන රටේ ජාතික ආරක්ෂාව ලබාදීම අපේ බලාපොරොත්තුව. විග්නේෂ්වරන් මහ ඇමතිතුමාත් අන්තවාදී උතුරේ දේශපාලන නායකයන් මොනවා කිව්වත් කොච්චර කෑ ගැහුවත් අපේ වැඩපිළිවෙල දිගටම ක්‍රියාත්මක කරගෙන යනවා. එයාලාට ඕන විදියට ඉල්ලීම් කරන්න පුලුවන්. ඕන විදියට කෑ ගහන්නත් පුලුවන්. අපි ඒවාට බයත් නෑ. ඒ අභියෝගවලට මුහුන දෙමින් අනිවර්යෙන්ම මේ රට හරි මාර්ගයකට ගෙනයනවා.“ යැයි පැවසීය.
මහියංගණ - රංජිත් කරුණාවීර/ ඡායාරූප ප්‍රදීප් පතිරණ