කෑගල්ල ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයෙකුට පහර දුන් පෞද්ගලික බස්රථ හිමියෙකු අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් කෑගල්ල ඩිපෝවේ බස්රථ කිහිපයක් අද (16දා) සවස සේවයෙන් ඉවත් විය.
මේ පිළිබඳව කෑගල්ල පොලීසියට සිය විරෝධය දක්වමින් ලංගම බස් රථ සේවකයෝ කෑගල්ල ලංකා ගමනාගමන මණ්ඩල බස් නැවතුම් පොළේදී විරෝධතාවකද නිරත වූහ.