කෑගල්ල ඩිපෝවේ සේවකයන් දෙදෙනෙකුට පහරදුන් ගලිගමුව ප්රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායකවරයා අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට බලකරමින් එම ඩිපෝවේ සේවකයෝ අද (17දා) වර්ජනයක නිරත වූහ.
තම ඩිපෝවට අනුයුක්තව වරකාපොළ උප ඩිපෝවේ සේවයේ නිරතවූ රියදුරෙකුට හා කොන්දොස්තරවරයෙකුට පසුගිය 15 වැනිදා රාත්රියේ ගලිගමුව ප්ර‘දේශයේදී ගලිගමුව ප්රා‘දේශීය සභාවේ හිටපු විපක්ෂ නායකවරයා වන අනුර සිරි මංචනායක මහතා විසින් පහරදීමක් සිදුකර ඇති බවත් පහර කෑමෙන් තුවාල ලැබූරියදුරා කෑගල්ල රෝහලේ ප්රතිකාර ලබන බවත් එහිදී ඔවුහු පැවසූහ.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු කෑගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වී ඇති නිසාතමන් මෙම වර්ජනයේ නිරත වන බව උද්ඝෝෂකයෝ මෙහිදී පවසා සිටියහ.
වසන්ත රෝහණ - කෑගල්ල