කැලෑ ගිනි තබන අවස්ථාවන්හි දේපල හා මිනිස් ජීවිත බේරාගැනීමේ අරමුණින් වෙඩි තැබිමේ බලය පොලීසියට ඇතැයි ද කැලෑ ගිනි තබන්නන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරිමට පොලීසිය දැනුවත් කර ඇතැයිද බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික වීරසේකර මහතා පැවසීය
කැලැ ගිනි තැබීම් වළක්වා ගැනීම සඳහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි අද (12දා) පැවැති සාකචිඡාවකදී වීරසේකර මහතා මේ බව පැවැසීය.
ජනවාරි සිට මේ දක්වා බදුල්ල දිස්ත්‍රික්කයේ වන රක්ෂණ දෙපාර්තමේන්තුවට හා වතු සමාගම් වලට අයත් ප්‍රදේශයන්හි පමණක් කැලෑ ගිනිතැබීම් 80 ක් පමණ වාර්තාවී ඇති මෙහිදි අනාවරණය විය.