ඇදහැළුණු අධික වර්ෂාවත් සමග කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යෑමෙන් හංවැල්ල සිට කොළඹ දක්වා ගඟ දෙපස ජීවත් වන ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස ආපදා මධ්‍යස්ථානය දැනුම් දෙයි.
එමෙන්ම කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් මේ වන විට පවුල් 121ක් පීඩාවට පත්ව තිබෙන බවද වාර්තා වේ.