කැබිතිගොල්ලෑව, ඊතල්විද්දෑව ප්රදේශයේදී පෞද්ගලික බස් රථයක් අද (08දා) අලුයම අනතුරට ලක්වීමෙන් 14 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව කැබිතිගොල්ලෑව පොලීසිය පැවසීය.
අද අලුයම 4.30 ට පමණ පදවි ශ්රී පුර සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් වර්ෂාව හේතුවෙන් ලිස්සා මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් මෙම අනතුර සිදුවී ඇති බව මූලික පරීක්ෂණ සිදුකළ කැබිතිගොල්ලෑව පොලීසිය සඳහන් කරයි.
තුවාල ලැබූ අය අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු, නාවික හමුදා සෙබළෙකු සහ යුද හමුදා සෙබළෙකුද සිටින බව පොලීසිය පවසයි.