කැකිරාව අධ්‍යාපන කලාපයේ මඩාටුගම රේවත විද්‍යාලයේ 10 ශ්‍රේණියේ දැරියක ගැබ්ගෙන ඇතැයි අසත්‍ය චෝදනා නඟමින් පාසෙලන් ඉවත්කළ දැරියට අවශ්‍යනම් ජාතික පාසලක් ලබාදීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.
මේ අතර සිද්ධියට අදාළ විදුහල්පතිවරියගේ රාජකාරී තහනම් කිරීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන් ම ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඇය මුහුණදෙන ගැටළු අවම කරගත හැකි පරිදි නේවාසික පහසුකම් සහිත පාසලක් අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවස්ථාව සලසා දෙන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි