කාන්තාවක ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වූ තිදෙනෙකුට නුවරඑළිය මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා විසින් ඊයේ (25දා) මරණ දණ්ඩනය නියම කළේය.
1993-10-31 වැනිදින ලිඳුල පොලිස් වසමට අයත් ලෝගී වත්තේ කරුපයියා මනෝමනී නැමැති දෙදරු මවක අමානුෂික ලෙස තියුණු ආයුධවලින් කපාකොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දසදෙනෙකුට එරෙහිව ලිඳුල පොලීසිය මගින් නඩු පවරා තිබුණු අතර, මෙම නඩුව විශේෂ දමිළ ජාතිකයන් හත්දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවක් ඉදිරියේ දින 16කට ආසන්න කාලයක් විභාග කර ජූරි සභාවේ ඒකමතික තීරණයද සලකා බලා මහාධිකරණ විනිසුරුවරයා එම නඩුවේ සැකකරුවන්ට දඬුවම නියම කළේය.