වෛරක්කාරි දේශපාලනය අවසන් කළ යුතු බවත්, තමන් එවැනි දේශපාලනයක් සිදු නොකළ බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියගේ සුව දුක් විමසීම සඳහා පැමිණීමෙන් පසුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
"දේශපාලඥයන් විතරක් නෙමෙයි ඔවුන්ගේ නෝනලා හා දරුවනුත් මේ රජයෙන් පරිස්සම් කරගන්න සිදුවෙලා තියෙනවා. මේක හොඳ නැ. මේ වෛරක්කාරි දේශපාලනය ඉවර කරන්න ඕන. මම කළේ නෑ කාටවත් මට ඇඟිල්ල දිගු කරන්න බෑ." යැයි හෙතෙම පැවැසීය.