දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයත් සමග මිල්ලකන්ද , කළු සහ ගිං යන ගංගාවල ජල මට්ටම් ඉහළ යෑම හේතුවෙන් එම ගංගා අවට පහත් ප්‍රදේශවල සිටින පිරිස් වෙත අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් එම ප්‍රදේශවල මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
අධික වර්ෂාපතනය හේතුවෙන් ගිං ගඟේ ජල මට්ටම පිටාර මිටිටමට ආසන්න වීම හේතුවෙන් ගඟ අවට පහත්බිමිවල වෙසෙන පිරිස් වෙත ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පිළිබඳ අවධානයන් සිටින ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි
ඒ අනුව බද්දේගම, බෝපෙ පෝද්දල, වැලිවිටිය දිවිතුර, නාගොඩ, නියාගම, තවලම සහ නෙළුව ආශ්රිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බිම්වල වෙසෙන ජනතාව හදිසි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීම සඳහා විමසිල්ලෙන් සිටින ලෙසත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් උඩුගම - අකුරැස්ස, ඇල්පිටිය - තවලම, පිටිගල - තවලම සහ උනන්විටිය - මාපලගම යන මාර්ගවල ගමනාගමන කටයුතුවලටද බාධා එල්ල විය හැකි බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.