යාපනය කන්කසන්තුරෙයි යුද හමුදා සුබසාධක මධ්‍යස්ථානයේ යුද හමුදා කපිතාන්වරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරු වූ යුද හමුදා ලූතිනන්වරයෙකුට යාපනය මහාධිකරණය විසින් ඊයේ (28දා) මරණ දඬුවම නියම කොට ඇත.
කන්කසන්තුරේ යුදහමුදා සුබසාධක මධ්‍යස්ථානයේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ කපිතාන් උපාලි රලපනාව නැමති අයව 2007 මැයි මස 15 වෙනිදා වෙඩිතබා ඝාතනය කළ යුදහමුදාවේ පොටිටුපෙරුම ආරචිචිගේ වසන්ත නැමති ලුතිනන්වරයාට මෙසේ මරණ දඬුවම නියම විය.
කන්කසන්තුරෙයි යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටියදී තමන්ට නිවාඩු ලබා නොදුන්නේ යැයි කියන සිද්ධියක් මත ඇතිවූ ආරවුලක් දුරදිග යාම නිසා ලුතිනන්වරයා විසින් කපිතාන් වරයාට මෙම වෙඩිතැබීම සිදුකොට ඇත.