ශ්‍රී ලංකාවේ වෙරළබඩ ආරක්ෂිත පරිසර පද්ධති හා කලපු, බොකු හා තුඩු ආශ්රිත ප්‍රදේශවල ඉතා සරුවට වැඩෙන කඩොලාන ශාක හා එම පරිසර පද්ධතීන්ට අදාළ තොරතුරු අධ්‍යක්ෂණය සඳහා මේ වනවිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
හලාවත, පම්බල ප්‍රදේශයේ සුළු ධීවර සංගම් නියෝජිතයන් හා අදාළ විෂය ක්ෂේත්රයේ ප්‍රවීණයන් කණ්ඩායමක් සමග මෙම වැඩපිළිවෙළ අරඹා ඇති අතර, ශ්‍රී ලංකාව පුරා කඩොලාන පරිසර පද්ධති ස්ථාන 48 ක් මේ සඳහා තෝරාගෙන ඇත. ඇමෙරිකානු සාගර පරිසර විද්‍යාව පිළිබඳ ආයතනයත්, පම්බල සුළු ධීවර පදනමත් සමග විශ්වවිද්‍යාල ආචාර්ය හා මහාචාර්යවරුන් කණ්ඩායමක් මේ වනවිට එහි මූලික වැඩකටයුතු අරඹා තිබේ.
කඩොලාන පරිසර පද්ධතීන්ට අදාළ ශාක හා සත්ත්ව ප්‍රජාවල තොරතුරු එක්රැස් කිරීම, එම පරිසර පද්ධති වැඩිදියුණු කිරීම, සිතියම්ගත කිරීම හා එම පරිසර පද්ධතීන් සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීම වැනි කාර්යයන් සඳහා දායකවීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන පරමාර්ථය වේ.