ඊයේ (01දා) ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කඩවත ඇල්දෙණිය ප්රදේශයේ මාර්ගවලට දැඩි හානි සිදුවිය. ඇල්දෙණිය හරහා ඉදිවන අධිවේගී මාර්ගය හරහා ගමන් කිරීමට සකස් කර ඇති මාර්ගය මෙම වර්ෂාව හේතුවෙන් විනාශවී ඇති අතර, මෝටර් රථයක්ද අනතුරකට පත්වී ඇත. පැය 6 කට අධික වෙලාවක් අධික වැසි වැසීම හේතුවෙන් මෙම වෙල්යාය සහ මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් වැසී පවතීන අතර, ඇළ මාර්ගය හරහා පැමිණෙන ජලයේ පීඩනය අධික බැවින් මෙම මාර්ගය විනාශවී තිබේ. මෙම අනතුරෙන් ජීවිත හානි කිසිවක් වාර්තාවී නොමැත.