තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ පාසල්වල සිසු දරු දැරියන් වෙනුවෙන් අධ්‍යාපන සේවා අමාත්‍යාංශය මගින් නොමිලේ ලබාදෙන පාවහන් යුගල හා අතිරේක නිලඇඳුම් එම පාසල්වල දරු දැරියන් අතට පත් වී ඇත්ද, සිසු දරු දැරියන් ඒවා පරිහරණය කරන්නේද යන්න පිළිබඳව සොයාබැලීම සදහා අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ පාසල් කිහිපයක ඊයේ (14දා) හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එහිදී බොහෝ සිසු දරුවන් නොමිලේ ලබාදෙන පාවහන් පැලඳ නොසිටි බව අධ්‍යාපන සේවා අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වී තිබේ.
අමාත්‍යවරයා සිසුන්ගෙන් නොමිලේ පාවහන් හා අතිරේක නිල ඇඳුම් ලැබුණේදැයි විමසා සිටි අතර, එහිදී සිසුන් කියා තිබුණේ තමන්ට නමුත් ඒවා ලබන වසරේ නව පාසල් වාරයේ සිට භාවිතයට ගන්නා බවයි.
මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ,
"මේ වසරේ සපත්තු, නිල ඇඳුම් මේ වසරේදීම පාවිච්චි කරන්න, නිල ඇඳුම මේ වසරේ භාවිත කරන්න, නැත්නම් ලබන අවුරුද්ද වෙද්දි සපත්තු දෙක දාන්න බැරි වෙයි, කකුල් ලොකුවෙලා තියෙයි. අපි මෙම වැඩසටහන සෑම වසරකම මින් ඉදිරියට ලබාදෙනවා. මේ වසරට දෙන දේ මේ වසරේම භාවිතයට ගන්න” යනුවෙනි.