ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණය පූර්ව මැතිවරණ නිරීක්ෂණයන්ට අනුව වඩාත් තරගකාරී මැතිවරණයක් වනු ඇති බව විශ්ලේෂකයෝ පවසති.
මෙවර මැතිවරණයෙන් විරුද්ධ පක්ෂය හෙවත්, කම්කරු පක්ෂය වෙත බලය විතැන් වීමක පෙර නිමිති පෙනෙන බවද කියැවෙයි.
ඔස්ට්‍රේලියාවේ කන්සවෙටිව් ලිබරල් පක්ෂය ප්රමුඛ ඒකාබද්ධ සන්ධානය පසුගිය මැයි මාසයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩල දෙකම විසුරුවා හැරීමට තීරණය කරනු ලැබුවේ, එරට උත්තර සෙනට් මණ්ඩලය විසින් අගමැතිවරයා ඉදිරිපත් කළ සමාගම් බදු කප්පාදුව ඇතුළු යෝජනා කිහිපයක්ම වළක්වාලීමට ක්‍රියාකළ නිසාය.
නමුත්, මෙය පාරාවළල්ලක් වෙමින් ටර්න්බුල් අගමැතිවරයා වෙත බහුතර බලයක් නොලැබෙන තත්ත්වයක් උදාවිය හැකි බවත්, කම්කරු පක්ෂය මෙන්ම, ස්වාධීන පක්ෂ කිහිපයක්ම වඩාත් බලවත්ම මෙවර මැතිවරණය ඉදිරිපත් වී ඇති බවත් විදෙස් වාර්තා පවසයි.